Sunday, April 30, 2017

පරංගියා කෝට්ටේ ගිහින් රජතුමාව මුණගැසුනාද?


   කුරුස යුද්ධ හේතුකොටගෙන මධ්‍යදරණී මුහුද හා රතු මුහුද ඔස්සේ යුරෝපා ජාතීන් පෙරදිගට ඒමට තිබූ මුහුදු මාර්ගය ඇහිරී ගිය නිසාවෙන් ඔවුන් පෙරදිගට ඒමට වෙනත් මාර්ග සොයාගැනීමට උනන්දු වූහ. කොන්ස්තන්තිනෝපලය ඔටෝමන් තුර්කින් විසින් අල්ලා ගැනීම යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණීමට වෙනත් මාර්ග සෙවූ ප්‍රධානතම කාරණය විය. මේ අනුව 1498 දී වස්කෝ ද ගාමා ඉන්දියාවේ කැලිකට් වරායට සම්ප්‍රාප්ත විය. වස්කෝ ද ගාමාගේ මෙම ගමනෙන් ලද භාණ්ඩ වලින් විශාල ලාභයක් ඔවුන් ලැබූ හෙයින් පෘතුගීසීහු පෙරදිග වෙළදාම කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූහ.

කුරුඳු තලන්නන්

  මෙකල ඉන්දියාවේ මුහුදු වෙළදාමේ ප්‍රධාන වශයෙන් නිරත වී සිටියේ මුස්ලිම්වරුන්ය. ඔවුන්ගෙන් මෙම වෙළදාම පැහැරගැනීමට 1505 වසරේ මාර්තු මාසයේදී විශාල නාවුක හමුදාවක් සමඟ ෆැන්සිස්කු ද අල්මේදා පෙරදිග පතිරාජයා ලෙස පත්කොට එවීය. මුහුදු වෙළද මාර්ගයේ වැදගත් මධ්‍යස්ථානයක පිහිටි ලංකාව ඔවුන් දැන සිටියේ "සිංහලයන්ගේ රට" යන අරුත ඇති සෙයිලන් නමිනි. ලංකාව එකල කුරුදු වලට ප්‍රසිද්ධියක් ඉසිලීය. වාණිජමය අතින් වැදගත් වූ මෙම දිවයින යටත් කරගන්නා ලෙස පෘතුගාලයේ අධිරාජ්‍යයා ෆ්‍රැන්සිස්කු ද අල්මේදාට පැවසුවද ඔහුට එම කාර්යය මඟහැරුණි. මේ අතරවාරයේ මුරුසි දිවයින අසලින් මුස්ලිම් වෙළඳ නැව් කිහිපයක් හඹාගිය ෆ්‍රැන්සිස්කු ද අල්මේදා ගේ පුත් ලොරෙන්සෝ ද අල්මේදා කුණාටුවකට අසුවී ගාලු වරායට සේන්දු විය.


  පෘතුගීසීන්ගේ මෙම ලංකා ගමන පෘතුගීසි ලේඛනයන්ගේ දක්වා ඇත්තේ අතිශෝක්තියද සහිතවය. ලොරෙන්සෝ ද අල්මේදා රටේ රජතුමාව මුණ ගැසීමට කැමැත්තක් දැක්වූ අතර පෘතුගීසි භාෂාව දත් මුස්ලිම් වෙළෙදුන් පිරිසක් මොවුනට සහය වීමට ඉදිරිපත් වී ඇත. රජතුමා මුණගැසීමට ගිය පෘතුගීසි කඹ්ඩායමේ මූලිකයා වූයේ පයෝ ද සූසා නැමැත්තෙකි. මෙම මුස්ලිම් වෙළෙදුන් දීර්ඝ මාර්ගයක් ඔස්සේ මොවුන්ව රට තුලට ගෙන ගිස් විශාල මන්දිරයක වෙසෙන රජු ලෙස පෙනී සිටින තේජවන්ත පුද්ගලයෙක්ව මුණගස්වා ඇත. තමන් මෙරටට පැමිණියේ කුරුදු වෙළදාමේ නිරත වීමට බවත් මෙරට සමඟ මිත්‍ර සම්බන්ධතා ගොඩනංවා ගැනීමට කැමැත්තෙන් සිටින බවත් පයෝ ද සූසා පැවසීය. මෙහිදී රජතුමා සතුටු වූ අතර කුරුදු වෙළදාමට අවසර ලබා දී කුරුදු තොගයක් ද ලබා දෙන ලදි. රජතුමා ලෙස පෙනී සිටි තැනැත්තා ගාලු වරායේ අධිපති විය හැකි බවත් ඔහු එතරම් කතා කිරීමට ප්‍රියතාවයක් නොදැක්වූ බවත් මුස්ලිම් වෙළෙදුන් තමන්ව මුලාවට ලක් කරන්නට ඇති බවත් පයෝ ද සූසා , ලොරෙන්සෝ  ද අල්මේදාට පවසන ලදි. මෙම ගමන සිහිවීමට පෘතුගීසි ලාංඡනය සහිත ස්ථම්භයක් පිහිටුවා කුරුදු යම් ප්‍රමාණයක් මිලට ගෙන ලොරෙන්සෝ ද අල්මේදා ලංකාවෙන් පිටත් විය. මෙය ඇසූ ෆ්‍රැන්සිස්කු ද අල්මේදා බොහෝ සතුටට පත්වූ බව සදහන්.

පෘතුගීසීන් විසින් ඉදිකල ස්මාරකය. ඉංග්‍රීසින් විසින් කොළඹ වරායේ දිය කඩනය ඉදි කිරීමේදී මෙම ස්මාරකය හමු විය. ඔවුන් මෙහි වටිනාකම දත් නිසාවෙන් මෙම කැටයම සහිත ටොන් විස්සක පමණ ගල් කුට්ටිය වෙන් කර 1912 දී පමණ කොළඹ ගෝර්ඩන් උද්‍යානයේ තැන්පත් කලේය. එනමුත් වර්තමානයේදී මෙම ගල් කුට්ටිය නැවතත් වරාය පරිශ්‍රයට ගෙන එන ලදි. මෙවන් ඓතිහාසික වටිනාකමකින් යුත් ස්මාරකය සංරක්ෂණය කිරීම අදාල බලදාරීන් සිදු කරන්නේ මෙය විනාශ වූවායින් පසුව ද? 

රතු පාටින් රවුම් කර ඇත්තේ වර්තමානය වන විට මෙම ස්මාරකය වරායේ තිබෙන ස්ථානයයි


 ෆ්‍රැන්සිස්කු ද අල්මේදා මෙම සිද්ධිය කෙටියෙන් ලිපියකින් ලියා තම බෑනා වූ දියෝගු ද අල්මේදා අතේ පෘතුගාලයේ පතිරාජයා වෙත යැව්වේය.
දියෝගු ද අල්මේදා නම් තැනැත්තා ලොරෙන්සෝ ද අල්මේදා සමඟ ලංකාවට පැමිණි අයගෙන් කෙනෙකි. පෙර සදහන් කල ලිපියේ ලියා තිබුනේ තම පුතා වූ ලොරෙන්සෝ ද අල්මේදා සෙයිලාන් යටත් කරගත් බවයි. සෙයිලාන් යටත් කරගැනීමෙන් ලද ජයග්‍රහණය පිළිබඳ විස්තර දන්වා 1507 දී සැප්තැම්බර් මාසයේ පාප් වහන්සේට පෘතුගාල පතිරාජයා ලිපියක් යැවීය. එම ලිපියේ කෝට්ටේ රජතුමා ලොරෙන්සෝ ද අල්මේදාව ඉමහත් ගරුසරු ඇතිව පිළිගත් ආකාරය පිලිබඳ සදහන් කර ඇත. මෙය කියවූ පාප්වහන්සේ විශේෂ යාච්ඤා මෙහෙයක් පැවැත්වූ බව කියයි.

 පෘතුගීසි ලේඛන තුල ලොරෙන්සෝ ද අල්මේදාගේ ප්‍රථම ලංකා ගමන පිලිඹදව විස්තර පදනම් වී ඇත්තේ දියෝගු ද අල්මේදා විසින් වාචිකව පෘතුගාලයේ පතිරාජයාට පැවසූ තොරතුරු අනුවය. ෆ්‍රැන්සිස්කු ද අල්මේදාගෙන් පෙරදිග පතිරාජ පදවිය ඉවත් කර වෙනත් අයෙකු ඒ වෙනුවට පත් කිරීමට පෘතුගාල පතිරාජයා සිතා සිටියේය. එනමුත් සෙයිලාන් පිලිබද මෙම සිද්ධිය නිසාවෙන් ෆ්‍රැන්සිස්කු ද අල්මේදාගේ තනතුර රැකුණේය. තම තනතුර රැක ගැනීම උදෙසා සහ පෘතුගාල පතිරාජයාගේ සිත් දිනා ගැනීම උදෙසා  අතිශෝක්ති සහිත විස්තරයක් පෘතුගාල පතිරාජයාට පවසන ලෙස ෆ්‍රැන්සිස්කු තම බෑනට උපදෙස් දුන් බවට සැක නැත.


 මේ අනුව බලන කල ලොරෙන්සෝ ද අල්මේදාගේ ප්‍රථම ලංකා ගමන පිලිබඳ දැක්වෙන තොරතුරු  අතිශෝක්ති වශයෙන් පිලිගැනීමට සිදුවේ. ලොරෙන්සෝ කොළඹ වරායට ගොඩ බෑම, පෘතුගීසීන්ගේ හැසිරීමෙන්ද කාලතුවක්කු හඬට ද බියට පත් කොලොම්තොට වැසියන් මේ පිලිබද රජතුමාට සැල කිරීම, රජතුමා චරපුර්ෂයෙකුලවා පෘතුගීසීන්ගේ ශක්තිය පිලිඹද සොයා ගැලීම, කෝට්ටේට ගිය පෘතුගීස් ගමන, ලංකාවේරජු බියට පත්ව වාර්ෂිකව පෘතුගාල රජුට කුරුදු බහාර් 400 ක් දෙන බවට පෘතුගීසින් සමඟ ගිවිසුමකට එළඹීම යනාදී කරුණුබෙහෙවින් අසත්‍ය කරුණු ලෙස සලකන්නට සිදුවේ. මේ කතන්දර ෆ්‍රැන්සිස්කු විසින් පෘතුගාල පතිරාජයාගේ සිත් දිනා ගැනීමට ගොතන ලද ඒවා ය. කෙසේ වුවත් 1505 ඇතිවූ මෙම සිද්ධියෙන් පෘතුගීසීන් අප රට පිලිබදව ඉතා උනන්දුවක් දැක්වූ බව කිව යුතුය.

 මූලාශ්‍ර :

1) ශ්‍රී ලංකාවේ ඉතිහාසය - තුන්වන කොටස ( අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව )

2) ලංකා ඉතිහාසයෙන් කතා - පරිවර්තනය ලලිත් හීන්ගම

3) ඓතිහාසික යුග හතරක් - සුමනසිරි දසනායක

4) මහාවංශය

මේවටත් උත්තර දෙමු....

1) මේ ඉන්නෙ කව් ද? වැඩි විස්තර එහෙම දන්නවනන් කියන්න.


2) මෙයා කව් ද? විශේෂ වෙන්නේ ඇයි?


3) ඉටිගෙඩිය කියන්නේ මොකක් ද?

35 comments:

  1. අදත් වටින විස්තරයක් ලියා ඇතේ
    එදත් රටේ වූ දේවල් ලියා ඇතේ
    යළිත් යළිත් බලමින් සිහි කරමි හිතේ
    එහෙත් පිළිතුරක් මතකෙට එන්නෙ නැතේ.....:(

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මටනන් කවි ලියන්න තේරෙන්නෑ දුමී.... ස්තූතියි ... ජයවේවා...

      Delete
  2. ඔය කියන ගල්කුට්ටිය පින්තූරයෙන් පෙන්නලා තියෙන ස්ථානයේ නම් නැති පාටයි. ගිහිල්ලා විපරම් කරලා බලා විස්තරයක් දාන්නම්.
    පළමු පින්තූරයේ ඉන්නේ ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සි.පි. බෙල් මහත්තයා එයාගේ බිරිද හා දරුවා. ඉන්නේ සීගිරි පර්වතයේ සීගිරි ළලනාවන් ගේ චිත‍්‍ර තියෙන ස්ථානයේ.

    2 ලෝකයේ වයස් ගතම රතු ඉන්දියානු මිනිහා වෙන්න ඇති

    3 ඉටිගෙඩිය කියන්නේ වැදගැම්මකට නැති දෙයක් හෝ ඉතා සුළු දෙයක් හදුන්වන පදයක්.

    ReplyDelete
    Replies
    1. ගල් කුට්ටිය ගැන ටිකක් හොයලා කියන්න අයියේ... එක හරි. දෙකත් හරි... තුන... සාමාන්‍ය ජීවිතයේදී ඉටිගෙඩිය කියන එකේ තේරුම නෙමේ ඇහුවේ... ඉටිගෙඩිය කියලා දෙයක් තිබිලා තියෙනවා... ඒ මොකක්ද කියලා... ඒ ගෙඩිය හදාගන්නේ කොහොමද කියලයි අහන්න උත්සහ කලේ ...

      Delete
  3. මිථිල දැන් ගොඩක් දියුණුයි

    ReplyDelete
    Replies
    1. හැමදාම එක තැන ඉදලා හරියන්නෑනේ.... අද බ්ලොග් වල මෙහෙම ලියන්නේ මුල් කාලයේ ඔයාලා මට උදව් කරපු නිසා... බ්ලොග් ලිපි වල වැරදි අඩුපාඩු පෙන්නලා දවසින් දවස මාව ඔයාලා මුවහත් කලා... අපේ විචා ගැන මතක් වෙද්දිත් දුකයි... එයා මගේ අඩුපාඩු ගොඩක් හැදුවා... මේ තියෙන්නේ විචා මගේ ලිපියකට දාපු පලවෙනි කමෙන්ට් එක...

      // බ්ලොග් එක මුලින්ම ලෝඩ් වුනේ අමුතු විදිහකට. දැන් නම් පිළිවෙලකට පෙනෙනවා. 

      බොහොම හොඳයි. විවිධ විෂයයන් යටතේ ලිපි ලියන්න. තේරුමක් ඇති දේ ලියන්න. සමහර ප්‍රවීනයන් කියන අය ලියනවා වගේ වල්පල් නොලියන්න. 

      ජයවේවා!//

      Delete
    2. ඒක තමා විචාගේ හොඳකම

      Delete
  4. අයියේ, මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක්. අයියගේ බ්ලොග් එකේ තියෙන ලිපි ගොඩක් එව්වා අපේ විෂයන් වලටත් අදාළ එව්වා. අපි යම් යම් විෂය කරුණු ගැන ගුගල් එකේ හෙව්වම අයියගේ බ්ලොග් එක තමයි උඩින්ම එන්නේ අයියේ. අපි යාලුවෝ කට්ටිය මේකේ තියෙන සමහර ලිපි ප්‍රින්ට් කරලත් ගත්තා.

    අයියේ ඔයා ලියලා තියෙනවද ලිපි කුල ක්‍රමයේ ආරම්භය සහ ඒ තුළින් මානව සමාජය විවිධ තලවලට බෙදීම ගැන ලිපි පෙළක්. මම මේකේ හෙව්වා, ඒත් හොයාගන්න බැහැ අයියේ.

    ReplyDelete
    Replies
    1. කුල ක්‍රමය ගැන ලියන්නම්... ස්තූතියි බ්ලොග් අඩවියේ ලිපි කියවනවට... කුල ක්‍රමය ගැන විස්තර ගොඩක් හදිස්සි නම් මේ පොත් ටික කියවලා බලන්න ඒවයේ තියෙනවා... එදා හෙළදිව - රොබට් නොක්ස්... මේ පොතේ වෙනම පරිච්ඡේදයක් තියෙනවා කුල ක්‍රමය ගැන... ගොඩක් හොද විස්තර ටිකක් තියෙනවා... ඒ කාලේ එක එක කුල වල අය ඇඳපු ඇදුම් ගැන විස්තර හොයාගන්න පුලුවන් සුරනිමල තෙන්නකෝන් මුදලිගේ ලිව්ව ලක්දිව පුරාණ ඇදුම් ආයිත්තම් පොතේ... මේකෙ වැදගත්කම තමා හැම ඇඳුමකම චිත්‍රයට නගපු පින්තූරයක් තියෙනවා... ඒ ඇදුම් වල පින්තූර හොයා ගන්න අමාරුයි... සමාජ විද්‍යා පොතක හොද විස්තර වගයක් තිබ්බා... කාලෙකට කලින් කියෙව්වා දැන් පොතේ නම මතකෙට එන්නෑ... මාර්ටින් වික්‍රමසිංහගේ පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම් කියන පොතෙත් විස්තර තියෙනවා... මාර්ටින් වික්‍රමසිංහගේ විචාර පොත් කිහිපයකම මේ කුල ක්‍රමය ගැන සදහන් කරලා තියෙනවා... සකස්කඩ , සිංහල ලකුණ , බුදු සමය හා සමාජ දර්ශනය වගේ එතුමාගේ පොත් වල තැන් තැන් වල මේවා ගැන සදහන් කරලා තියෙනවා...

      Delete
    2. කොමෙන්ට් එක හොඳයි. මිතිලට අයියේ කියල කිව්වා එක ගැන නම් දුකයි. :)

      Delete
    3. ඒකම තමා මටත් දුක... මම වයසට කලින් නාකි වෙලා... :(

      Delete
  5. මිතිල අයියේ .....

    නියම ලිපියක් , මමත් සාමාන්‍යයෙන් ඉතිහාසය ගැන උනන්දුයි.. ඔය තොරතුරු නම් මම කලින් අහල තියෙනව , ඒත් ඉටිගෙඩිය තමයි මට තියෙන අවුල, ඉක්මනින් ඒ ගැන පැහැදිලි කිරීමක් දාන්න ..

    ReplyDelete
    Replies
    1. //අයියේ// ඇයි බං මෙහෙම වෙන්නේ... :D මාව ඒ තරන් වයසට පේනවද... ඉටිගෙඩිය ගැන දාන්නන් එහෙනන්...

      Delete
  6. කුස්‌සියේ පිහමනට ගෙනඑන කොස්‌ - පොලොස්‌ ආදියේ කොහොල්ලෑ එකතු කොට කුස්‌සියේ යටලීයේ හෝ බිත්තියේ ගල්වා තබයි. මේ අතර මී.... බමර මී ආදිය කඩාගෙන ආ විට ඒවායේ පැණි බේරාගත් වද කොටස්‌ ද මේ කොහොල්ලෑ ගුලියට එකතු කරයි. කුස්‌සියේ හැලි වළඳක්‌, කලගෙඩියක්‌ බිඳුන විට මේ ඉටි ගෙඩියෙන් ටිකක්‌ ගෙන රෙදි කෑල්ලක දවටා ලිපෙන් රත්කර බිඳුන තැනට අලවයි. "ඉටිගෙඩිය" වශයෙන් හඳුන්වන්නේ මේ ඉටිගෙඩියයි.

    ReplyDelete
  7. අඩේ මරු... ඉටිගෙඩියත් දැනගත්තා ඔන්න
    ජයවේවා..!!

    ReplyDelete
  8. මරේ මරු මිතිල. ඔයා නම් මාසෙට එක ගානෙ බ්ලොග ට ඇඳුම් පොරෝනවා නේ..
    ජය!

    ReplyDelete
    Replies
    1. එක එක කාලෙට එක එක ඇදුම් වලට ආසා හිතෙනවා... ඉතින් එක එක ඇඳුම් අන්දවලා බලනවා... තාම ෆිට් වෙන ඇදුමක් සෙට් උන්නෑ...

      Delete
  9. ඔයා වයසට ගිහින් නෑ මලයෙ⁣ා්,, ඇනෝ අක්ක අයියේ කියපු නිසා මමත් ආසාවට කිවුව...
    ඉටිගෙඩිය ගැන කියපු එකට ගොඩක් ස්තුතියි , ඉටිගෙඩියක් ඉස්සර අපේ ගෙදරත් තිබිල නොවැ... නම තමා අරුමෙ

    ReplyDelete
    Replies
    1. අයියා කිව්වට කාරි නෑ... :D බ්ලොග් ලියන අයගෙන් මට අයියේ කියලා කතාකරන්නේ අර මකරා විතරයි... එයා විතරයි මට වඩා බාල...

      Delete
  10. මේ විස්තරය හොඳයි. මම නිතර ආසාවෙන් කියවන ඉතිහාසයේ කොටසක්. මම ඔය ස්මාරකය අහල නැහැ. ස්මාරකය ගැන රැක ගන්න මොකක් හරි ව්ප්‍රොජෙක්ට් එකක් ආරම්භ කලොත් හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මොකක්හරි ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක කරන්න ඕනේ... ලංකාවෙ ගොඩක් අය සුද්දට බනිනවා මෙහෙ තිබුන දේවල් උස්සන් ගියා කියලා... ඒත් මෙහෙන් උස්සන් ගිය කෞතුක භාණ්ඩ ඒ ඒ රටවල්වල ආරක්ෂිතව තියෙනවා... ලංකාවෙ තිබ්බනන් වෙන්න පුලුවන් දේවල් පේනවනේ...

      Delete
  11. අන්තිම පින්තූරෙ ඉන්නේ වයස්ගතම ස්වදේශික ඇමරිකානුවා... ජෝන් ස්මිත්... මියයද්දි වයස 137... https://en.m.wikipedia.org/wiki/John_Smith_(Chippewa_Indian)

    ReplyDelete
  12. ගොඩක් තොරතුරු දැනගත්තේ අද

    ReplyDelete
  13. හොද දැනුමක් උබ දෙන්නෙ

    ReplyDelete
  14. නියමයි අයියේ.ලිපිය වෙනුවෙන් ගොඩක් ස්තූතියි.අපේ රටේ නමේ විකාශණය ගැන ලිපියක් ලියමු ද ? ටොලමි ඇඳපු සිතියමේ තිබ්බ නම තැප්‍රොබේනා වගේ මතකයි.ගොඩක් මූලාශ්‍රවල තියෙන්නේ බොරු පම්පෝරි ගොඩක් ද කියලාත් වෙලාවකට හිතෙනවා.⁣අන්තිමට අහපු ප්‍රශ්න තුනටම උත්තර දැනන් හිටියේ නැහැ.ඒ වෙනුවෙනුත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. රටේ නමේ විකාශනය ගැන ලිපියක් ලියන්නම්... ස්තූතියි බ්ලොග් අඩවියට ගොඩ වුනාට...

      Delete